Gossips

ජනපති අද ලුම්බිණියට

නේපාලයේ පැවති බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ලුම්බිණි නුවරට පැමිණීමට නියමිතව තිබෙනවා.
​බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් සිව්වන රාජ්‍ය නායක සමුළුව පසුගියදා නේපාලයේ කත්මණ්ඩුනුවර දී ආරම්භ වූණා.
බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව ඇති කිරීම සමුළුවේ ප්‍රධාන අරමුණයි.
එහි පස්වන රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ (31) පිරිනැමුණා.
ඒ අනූව බිම්ස්ටෙක් සමුළුවේ පස්වන රාජ්‍ය නායක සමුළුව මෙරටදී පැවැත්වෙනු ඇති.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව ඉදිරියේදී නිවැරදි දිශානතියකට ගෙනයාමට අත්දැකීම් බහුල රාජ්‍ය නායකයෙක් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකියාව පවතින බව එහිදී බිම්ස්ටෙක් සාමාජික සෙසු රටවල් 6 හිම නායකයින් අවධාරණය කළ බවයි.
නව සභාපතිධුරය පිළිගැනීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදුකළ ජනාධිපතිවරයා.
– මම ස්තූති කරනවා සියලුම සාමාජික රටවලට ශ්‍රී ලංකාව පිළිබද විශ්වාසය තැබීම සම්බන්ධයෙන්.මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා නේපාල රජයට නේපාලයට පැමිණි අවස්ථාවේ සිට දක්වන ලද උණුසුම් ආගන්තුක සත්කාර පිළිබඳව.ශ්‍රී ලංකාව පැහැදිලි න්‍යාය පත්‍රයක් ඔස්සේ ඉදිරියේදී සමුළුවේ කටයුතු ඉදිරියට මෙහෙය වන බවත්,එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු සාමාජික රටවල සහය අපේක්ෂා කරනවා.මම ශ්‍රී ලංකාවේදී ඔබ සියලු දෙනා පිළිගැනීමට බලාපොරොත්තුවෙන් පසුවනවා. බොහොමත්ම ස්තූතියි..
අනතුරුව නේපාල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිව්වන සමුළුවේ සමාප්තිය අද සිදුකෙරුණු අතර බිම්ස්ටෙක් බලශක්ති පද්ධතිය පිළිබඳ කලාපයේ රටවල් අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට ඒ ඒ රටවල විදේශ අමාත්‍යවරුන් විසින් අත්සන් තැබීමද සිදුවුණා.
කත්මණ්ඩු ප්‍රකාශය එළිදැක්වීම සිදුකෙරුණේ ඉන්අනතුරුවයි.