පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද එක්වීමට නියමිතයි.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පසුගිය 16 වනදා ආරම්භ වූ අතර, එය අනිද්දා දක්වා ලන්ඩන් නුවරදී පැවැත්වෙන්නේ පොදු අනාගතයක් වෙත යන තේමාව යටතේයි.
මෙවර සමුළුවේදී සෞභාග්‍යය, සුරක්ෂිත බව, සාධාරණත්වය සහ තිරසර බව යන අංශ යටතේ පොදුරාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කරගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුවනු ඇති.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ ලන්ඩන් නුවරදී පොදුරාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය සිදුකළා.
එහිදී තිරසර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, ඒ සඳහා ව්‍යාපාරිකයන් ඇතුලූ සියලූදෙනාට තමන් ආරාධනා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.