Gossips

ජනපති අද පොදුරද මඩුලු ව්‍යාපාරික සමුළුව අමතයි

පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (18) පැවැත්වීමට නියමිතයි.
පොදු අනාගතයක් වෙත යන තේමාව යටතේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ලබන 21 වනදා දක්වා පැවැත්වෙනවා.
මෙවර සමුළුවේදී සෞභාග්‍යය, සුරක්ෂිත බව, සාධාරණත්වය සහ තිරසර බව යන අංශ යටතේ පොදුරාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කරගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුවනු ඇති.
එමෙන්ම ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ඊයේ (17) ජනාධිපතිවරයා හමුවුණා.
මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙට (19) දිනයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමටද නියමිතයි.