Gossips

ජනපති අද ජාතිය අමතයි – නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අද ජාතිය අමතනු ලබනවා. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමෙන් අනතුරුව ඒ බව ප්‍රකාශයට පත් කෙරුණා.
එම රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ හෙට දිනයේ නව කැබිනට් මණ්ඩලයද දිවුරුම් දීමට නියමිත බවයි.
එම සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් බහුතරය සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බව ප්‍රකාශ කළ බවත්, 120 කට වැඩි පිරිසක් සිටින බවත් සඳහන් කළ බවයි මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේ.