Gossips

ජනපති, අගමැති, විපක්ෂ නායකගෙන් උදාවූ සිංහල – දෙමළ අලූත් අවුරුද්දට සුබ පැතුම්

මෙතෙක් අප ලබා ඇති ජයග්‍රහණයන්හි ඵල භුක්ති විඳමින්, ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට මෙවර සිංහල, දෙමළ අලූත් අවුරුද්දේ එක්සිත්ව අධිෂ්ඨානයෙන් යුතුව පෙළ ගැසෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය අලූත් අවුරුදු පණිවුඩයෙන් යෝජනා කරනවා.
උදාවුණු අලූත් අවුරුද්ද ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයන්, ඥාතීන් සහ කලාකරුවන් සමඟ අද සමරනු ලැබුවේ ජනපති නිල නිවසේදීයි.
එහිදී වැඩ ඇල්ලීමේ චාරිත්‍ර ඉටු කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිල නිවස පරිශ්‍රයේ පැළයක් රෝපණය කර තිබෙනවා.
අලූත් අවුරුදු පී‍්‍රතිය අත්විඳින මෙරට ජනතාවට මෙන්ම, එතෙර දිවි ගෙවන සියලූ ශ්‍රී ලාංකිකයින්ට සෞභාග්‍යයෙන් යුත් සාමකාමී සුබ අලූත් අවුරුද්දක් වේවායැයි ජනාධිපතිවරයා සිය අවුරුදු පණිවුඩයෙන් ප්‍රාර්ථනා කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නුවරඑළිය – මාගස්තොට – ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල යෙදෙමින් අලූත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සඳහා එක්වුණා.
අවුරුදු සිරිත්වල නිසි අරුත් පහදවාගෙන මනුෂ්‍යත්වය උත්කර්ෂවත් කිරීම සහ ජීවිතයේ සැබෑ සතුට අත්විඳීමේ අභිලාෂයෙන් කටයුතු කිරීම වැදගත්වන බවයි අග්‍රාමාත්‍යවරයා සිය අවුරුදු පණිවුඩයෙන් ප්‍රකාශ කළේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, උදා වූ සිංහල – දෙමළ අලූත් අවුරුද්ද පවුලේ සාමාජිකයින් සහ ඥාතීන් සමඟ එක්ව සමරනු ලැබූයේ තංගල්ල – කාල්ටන් නිවසේදීයි.
ඊට ප්‍රදේශවාසීන් ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
ආකල්පමය පරිවර්තනයක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ඇති කිරීම සඳහා අනෙකාගෙන් බලාපොරොත්තු නොවී එය තමන් තුලින් ආරම්භ කිරීම වැදගත් වන බව විපක්ෂ නායකවරයා සිය අලූත් අවුරුදු පණිවුඩයෙන් අවධාරණය කළා.
ශ්‍රී ලංකාවාසී සහෘද ජනතාවට සාමය සතුට රජයන බත බුලතින් සපිරි වාසනාවන්ත සිංහල අලූත් අවුරුද්දක් වේවායයි කතානායක කරූ ජයසූරිය සිංහල අලූත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් එක් කරමින් පෙන්වා දෙනවා.
විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ වෙසෙන සියලූ ජනකොටස් ජාතිය, ආගම් භේදයෙන් තොරව පොදුවේ අවුරුදු සැමරුම සමඟ එක්වීම සංහිඳියාව පිළිබඳ වැදගත් ආදර්ශයක් සපිරෙන බවයි කතානායක කරූ ජයසූරිය සිය අලූත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයෙන් ප්‍රකාශ කර ඇත්තේ.