Gossips

ජනපති, අගමැති, විපක්ෂ නායක සාකච්ඡාව පස්වරුවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (28) පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.
රටේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර, දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ද එක්වන බවයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ.