Gossips

ජනපති, අගමැති අතර විශේෂ සාකච්ඡාවක් අද

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් අද (23) පැවැත්වීමට නියමිත බව නීතිය සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා.
අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී විෂයන් බෙදීම සහ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ජාතික ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 06 දෙනා වෙනුවට පත් කරන අමාත්‍යවරුන් කවුරුන්ද යන්න මෙහිදී සාකච්ඡා කරනු ඇති බවද මොණරාගල ප්‍රදේශයේ සංචාරයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.
කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවේ මීළඟ කැබිනට් සංශෝධනය අදින් පසුව එළඹෙන දිනකදී සිදුකරනු ඇති බවයි මීට පෙර වාර්තා පළ වුණේ.