Gossips

ජනපතිවරණය ගැන නිදහස් පක්ෂ මහලේකම් කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් සන්ධාන ගතවී ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම අපහසු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
මහනුවර ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව එක්ව ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවට තවත් ඡන්ද ප්‍රමාණයක් ජනාධිපතිවරණ ජයග්‍රහණයක් සදහා අවශ්‍ය බවයි ඔහු කියා සිටියේ.