Gossips

ජනපතිවරණයේදී සහය දක්වන්නේ කාට ද ? – ITAK තීරණය ඉදිරියේදී

ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සමග සාකච්ඡා කොට ඉදිරියේදී දැනුම් දෙන බව ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මේ බව කියා සිටියේ වව්නියාව ප්‍රදේශයේ අද පැවති සමුළුවකින් අනතුරුව මාධ්‍ය හමුවකට එක්වෙමින්.
‘‘ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයෝ කවුද කියලා අපි බලන්න ඕනා.
ඒ අනුව ගැලපෙනම අපේක්ෂකයා කවුද කියලා තීරණය කරලා දෙමළ ජාතික සන්ධානය විදිහට කාටද සහය පළ කරන්නෙ කියලා සාකච්ඡා කරලා අපි තීරණයක් ගන්නවා.’’