Gossips

ජනපතිට සහ අගමැතිට අස්ගිරි පාර්ශවයෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය සහ බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය නැවත උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගන්නා ලෙස අස්ගිරි මහා විහාර පාර්ශවය ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් මහනුවර දී අද (06) මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවති මෙම විශ්වවිද්‍යාල දෙක මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ඇති බවයි.