Gossips

ජනපතිට කොන්දේසි විරහිතව සහය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් ජනාධීපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම සඳහා කොන්දේසි විරහිතව සහය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග අද(15) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඊයේ (14) දිනයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙස එහි මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකරනු ලැබුවා.