සිංහල හා දෙමල අලූත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කිරීමට අද දිනයේ ජනතාවට එක්විය හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපතිවරයා හෙල සිරිතට අනුව අලූත් අවුරුදු නැකත් ඉටු කිරීම කොළඹ – මහගමසේකර මාවතේ ජනාධිපති නිල නිවසේ සිට සිදු කරන බවයි.
මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා උදාවන අලූත් අවුරුද්දට ආශිර්වාද ලබාගෙන තිබෙනවා.
අනතුරුව ජනාධිපතිවරයා මල්වතු මහ විහාරය වෙත ගොස් අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මහ නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
පසුව අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියන්ද බැහැදුටුවා.
පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, මහනුවර – මැණික්හින්න – හූරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානය වෙත ගොස් රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නාහිමියන්ද බැහැ දුටු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
