Gossips

ජනපතිට අගමැති ගැන විශ්වාසයක් නැහැ – හිටපු ජනපති

අග්‍රාමාත්‍යවරයා යටතේ තිබු ආයතන කිහිපයක් මුදල් ඇමතිවරයාට භාර දීම තුලින් පෙනී යන්නේ ජනාධිපතිවරයාටද අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව යැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ දිවුලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.
දිවුලපිටිය ප්‍රාදේශීය සභා නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය ඊයේ පැවැත්වුණේ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ
ප්‍රධානත්වයෙන්.
2013 වසරේ මුල්ගල තැබුණු මෙම ගොඩනැගිල්ල ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් ඊයේ විවෘත කිරීම විශේෂත්වයක්.