ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් විශේෂ සාකච්ඡා දෙකක් අද පෙරවරුවේ පැවැත්වුණා.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වුණේ ජනපතිවරයාගේ නිළ නිවසේදීයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
මේ අතර, කථානායකවරයාගේ ප්රධානත්වයෙන් අද උදෑසන 9යි 30ට පාර්ලිමේන්තුව රැස්වූ අතර, මේ වන විට වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්රශ්නවලට පිළිතුරු ලබාදීම සිදු කෙරෙනවා.
පෙරවරු 10.30ට අග්රාමාත්යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
එමෙන්ම පාර්ලිමේන්තු සංකීර්ණය අවට විශේෂ ආරක්ෂාවක් ද යොදවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
