Gossips

ජනපතිගේ පොසොන් පොහෝ දින පණිවුඩය

සිතින්, කයින් සහ වදනින් සංවරව මානව ප්‍රජාව ප්‍රමුඛ කර ගත් සමස්ත පරිසරයටම යහපතක් උදාකරලීම උදෙසා කැපවීමට අදට යෙදෙන උතුම් පොසොන් පොහෝ දිනයෙහි අදිටන් කර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
පොසොන් දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ මානව ශිෂ්ඨාචාරයේ බොහෝ හැරවුම් ලක්ෂ අවි බලයෙන් සනිටුහන් කර ඇති පසුබිමක, කරුණාව හා මෛත්‍රිය පදනම් කර ගනිමින් ගොඩනැගුණු සභ්‍යත්වය, යශෝරාවය නගරමින් උදාවන පොසොන් පුන් පොහොය අපට සිහිපත් කරන්නේ ශ්‍රේෂ්ඨ වූ ජාතිකයක පුණ්‍යවන්ත පිවිසුමක් බවයි.
ජාතියක් ලෙස අප මුහුණ දී ඇති දැවැන්ත අභියෝග හමුවේ වුව පසු නොබා නැගී සිටීමට බලවත්ම ශක්තියක් උත්පාදනය කර ඇත්තේ එදා ජන ආත්මය තුළ නිධන් ගත වූ බෞද්ධ විඥානයේ පිහිටෙන් බවයි ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ තවදුරටත් දැක්වෙන්න්.
සැබෑ ලෙසම බුදුන් වදාළ ධර්මය අනුගමනය කරන්නේ නම් බාධක බිද දමමින් තිරසර සාමය සහ සංහිදියාව අප රට තුළ ගොඩනැගීමට හැකි වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය පොසොන් දින පණිවුඩයෙන් පෙන්වා දෙනවා.
මෛත්‍රිය, මුදිතාව, කරුණාව සහ උපේක්ෂාව පදනම වූ නිදහස් නිවහල් චින්තනයකට අනුබල දෙන්නා වූ බුදුදහම සාමය, සංහිදියාව සහ අධ්‍යාත්මික නිවීමට මඟක් කොට ගනිමින් සමස්ත ලොව වෙත එහි සැබෑ හරය අත්දකින්නට සැලැස්වීම අප සතු වගකීම බව ද එම පණිවුඩයේ තවදුරටත් දැක්වෙනවා.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පොසොන් දින පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ අප ඇසූ පළමු බුද්ධ වචනය වන සියළු සත්වයන්ටම මෛත්‍රිය වැඩිය යුතුය යන්න, අදත් මුළු මහත් ලෝකයේම හිත සුව පිණිස ද, පැවැත්ම පිණිස ද හේතු වන බවයි.
එම නිසා මෙම උතුම් පොසොන් පොහොය දිනයෙහි අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ඉගැන්වූ ධර්මයෙහි හැසිරීමට අදිටන් කර ගත යුතු බව ද එම පණිවුඩයේ තවදුරටත් දැක්වෙනවා.