Gossips

ජනපතිගේ තීරණයට කිසිවෙකුට එරෙහි විය නොහැකියි – නිදහස් පක්ෂය

ජනාධිපතිවරයා ගත් තීරණයට කිසිවෙකුටත් එරෙහි විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව කියා සිටියේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අද (02) සහ හෙට (03) මෙන්ම ඉදිරි දින කිහිපයේදීත් නව අමාත්‍යවරුන් දිවුරුම් දෙන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
මාධ්‍ය හමුවට එක්වෙමින් රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ නව රජයට ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරයේදී බහුතරය පෙන්වීමේ හැකියාවක් පවතින බවයි.