Gossips

ජනපතිගෙන් සහ හිටපු ජනපතිගෙන් පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධ රක්ඛිත ස්වාමීන් වහන්සේට අවසන් ගෞරව

අලුත්ගම ඓතිහාසික කන්දෙවිහාරයේ විහාරාධිපති අපවත්වී වදාළ පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධ රක්ඛිත ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවසන් ගෞරව දක්වනු ලැබුවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති කන්දෙවිහාරය වෙත ඊයේ (07) රාත්‍රියේ ගිය ජනාධිපතිවරයා ඊට අවසන් ගෞරව දැක්වූ බවයි.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද ඊයේ (07) කන්දෙවිහාරය වෙත ගොස් අපවත්වී වදාළ පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව පුදකළා.