Gossips

ජනපතිගෙන් පොලිස්පතිට සම්මානයක්

තමන්ගේ වැරදි ඉස්මතුවීම වැළැක්වීම සඳහා අනුන්ගේ වැරදි පෙන්වා දෙමින් විවේචනය කිරීම නොකළ යුත්තක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ අද (03) පැවැති උත්සවයකට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා පොලිස්පතිවරයා වෙත විශේෂ සම්මානයක් ද පිරිනමනු ලැබුවා.
ඒ, ශාසන අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීම වෙනුවෙන්.
එහිදී ජනාධිපතිවරයා උත්සව සභාවෙන් පිටව යාමෙන් අනතුරුව පොලිස්පතිවරයා අදහස් දක්වමින් සඳහන් කළේ අද වන විට රට තුළ දූෂණ, වංචා සහ මිනී මැරීම් වැඩි වශයෙන් සිදුවන රටක් බවට පත්ව ඇති බවයි.