Gossips

ජනපතිගෙන් දැඩි තීන්දුවක්

දුෂිතයන් සමග ආණ්ඩු නොකරන බවට තමා තීන්දු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව අවසන් ජන හමුවට පොළොන්නරුවේදී එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ.
මේ අතර දුෂණයට එරෙහි සටනේදී රටේ ජනතාව කෙරෙහි උපරිම විශ්වාසයක් තබා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
අලව්ව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ රටක් ගොඩනැගීමට අවශ්‍ය වන්නේ පැහැදිළි දේශපාලන දර්ශණයක් මිස පුද්ගල චරිත නොවන බවයි.
දේශපාලන දර්ශණයක් හෝ ප්‍රතිපත්තියකින් තොරව සොරුන්ගේ රැකවරණය සඳහා පෞද්ගලික න්‍යාය පත්‍රයක් අනුව ගොඩනගා ගත් නව දේශපාලන පක්ෂවලට පැවැත්මක් නොමැති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
මේ අතර දුෂිතයන් සහ සොරුන් ශක්තිමත් කිරීමට මෙම මැතිවරණයේදී ජනතාව කටයුතු නොකළ යුතු අතර මෙවර මැතිවරණය දුෂණයට එරෙහිව හඩක් ගොඩනැගීමේ අවස්ථාවක් කර ගන්නා ලෙසට ජනාධිපතිවරයා ගල්ගමුව ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් ඉල්ලා සිටියා.
දුෂණයෙන් තොර පාලනයක් සඳහා ජනතාවට ප්‍රතිඥා ලබාදිය හැකි එකම පිරිසිදු දේශපාලන ව්‍යාපාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.