Gossips

ජනපතිගෙන් එජාප සහ දෙමළ සන්ධාන නියෝජිතයන්ට දැනුම්දීමක්

ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 1 වගන්තිය ඉවත් කරන ලෙසට සහ යළි හෙට දිනයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ සන්ධාන නියෝජිතයන්ට දැනුම්දී තිබෙනවා.
ඒ අද පස්වරුවේ කතානායක කරු ජයසුරිය සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදීයි.
එමෙන්ම ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදු කරන ලෙසටයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝජිත පිරිසට ප්‍රකාශකර ඇති අතර ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බවයි දැනුම්දී ඇත්තේ.
පැය දෙකක පමණ කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳ පුලුල් ලෙස සාකච්ඡාවට ලක්වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතුවන බව ප්‍රකාශ කළ එම පක්ෂ නායක කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ බහුතරය තමන් සතුවන බව පිළිගන්නා ලෙසටයි.
තමන් සැමවිටිම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන අතර ඊට ගරු කරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔවුන්ට දැනුම්දී තිබෙනවා.
එමෙන්ම පාර්ලිමේන්තුව තුල සාමය තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන ලෙසටයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින්නේ.