Gossips

ජනපතිගෙන් අඟහරුවාදා විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිත සමුළුව ලබන අඟහරුවාදා පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදියි.
මෙහිදී ජනාධිපතිවරයා රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළා.
මේ අතර රට තුළ කුමන දේශපාලන නොසන්සුන්තාවක් ඇතිවුවද සිය අමාත්‍යාංශවල කටයුතු නිසි ලෙස ඉටුකරමින් රටේ සියලු ක්‍ෂේත්‍ර යථා පරිදි පවත්වාගෙන යාම සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ 7,000 කට ආසන්න පිරිසකට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට ඊයේ පස්වරුවේ කොළඹදී එක්වෙමින්.
මේ අතර ලබන අඟහරුවාදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ නියෝජිත සමුළුව සම්බන්ධයෙන් එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා එහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි.
එසේම ජනාධිපතිවරයා පසුගිය දිනවල ගත් තීන්දු තීරණ පිළිබඳව මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් දැනුම්වත් කිරීමට නියමිත බවද සඳහන් කළා.