Gossips

ජනතා මතය විමසා බැලිය යුතු බව අගමැති කියයි

නව රජයක් පිහිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනතා මතය විමසා බැලිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති උත්සවයක් අමතමින්.
ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත "ශ්‍රී ලංකා ආර්ථිකයෙහි තෙවසරක ප්‍රගතිය සහ අගතිය" කෘතිය එළිදැක්වීම කොළඹදී සිදුකෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.