පවතින ජනතා ගැටලුවලට හේතුව වසර ගණනාවක් තිස්සේ පවතින දේශපාලන ක්‍රමයේ වැරදි සහගත තත්ත්වය බව පෙරටුගාමි සමාජවාදි පක්ෂය පවසනවා.
එහි සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ ඊයේ (01) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
විශ්වාසභංග යෝජනාව මගින් අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම, බැඳුම්කර ගණුදෙනුව, මැතිවරණ ක්‍රමයේ ගැටළු විසඳීම රටේ ආර්ථීකය ඉහළ නැංවීමට කිසිදු දායකත්වයක් නොදක්වන බව ඔහු ප්‍රකාශ කළා.
සිදුකළ යුත්තේ පවතින දේශපාලන ක්‍රමය නිවැරදි කිරීම බවත් එය පසුගිය වසර කිහිපය අධ්‍යයනය කිරීමේදී තහවුරු වන බවද කුමාර් ගුණරත්නම් අවධාරණය කළා.