Gossips

ජනතා අපේක්ෂා ඉටුකළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි ජ.වි.පෙ. නායක

වසර 40ක් තිස්සේ ජනතාව අපේක්ෂා කළ බලාපොරොත්තු ඉටු කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (17) පැවති ජනහමුවකට එක්වෙමින්.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාව පත්වන රජයන්ගෙන් ස්ථාවර ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදය සහ දූෂණ වංචා නැති කිරීම යන අපේක්ෂා 03 ක් පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටි බවයි.
එහෙත් ඒ කිසිවක් වත්මන් ආණ්ඩුවෙන්ද ඉටු නොවූ තැන ජනතාවට ඇතිි එකම බලාපොරොත්තුව ජනතා විමුක්ති පෙරමුණ පමණක් බවයි ඔහු එහිදී ප්‍රකාශ කළේ.