Gossips

ජනතා අපේක්ෂා අයවැයෙන් ඉටුකිරීමට නොහැකිවී ඇත්තේ බැඳුම්කර වංචාව නිසා බව මන්ත්‍රී සුසිල් කියයි

ආණ්ඩුවේ අයවැය තුළින් ජනතා අපේක්ෂාවන් ඉටුකරලීමට නොහැකි වී ඇත්තේ මහ බැංකු බැඳුම්කර වංචාවේ පාඩුව තවදුරටත් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල කිරීම හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළා.
ඊයේ පැවති 2019 අයවැය සිව්වන දින විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සහ රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමද විවාදයට එක්වෙමින් අදහස් දැක්වූවා.