Gossips

ජනතාව රවටන ඊළමක් ගැන කථා එපා – සම්බන්ධන්ගෙන් ඉල්ලීමක්

මෙවර මැතිවරණයේදී ද දෙමළ ඊළමක් පිළිබද ව්‍යාජ භීතිකාවක් ඇති කිරීමට ඇතැම් දේශපාලනඥයන් කටයුතු කරන බවට දෙමළ ජාතික සන්ධානය චෝදනා කරනවා.
එහි නායක සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධ මේ බව ප්‍රකාශ කළේ මූතූර් – භාරතීපූරම්හි පැවති ජනරැළියකට එක්වෙමින්.
‘‘මේ මැතිවරණයේ ජය පරාජයෙන් දෙමළ ඊළමක් ඇතිවෙනවා ද නැද්ද කියන එක තීරණය වනවා වගේම ලංකාව ඒකීය රාජ්‍යයක් විදිහට ඉදිරියට යනවා ද කියන එක තීරණය වෙනවා කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියලා තිබුණා. ඒකීය රාජ්‍යයක් අපි ඉල්ලූවෙත් නැහැ. දෙමළ ඊළමක් ඉල්ලූවෙත් නැහැ. අපි කියන්නේ ඒකීය රාජ්‍යයක් තුළ බෙදන්න බැරි රටක් තුළ බෙදන්නෙ නැති රටක් තුළ අපිට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දෙන්න කියලා. අපිට ලංකාව තුළ සම අයිතියක් ලබා ගන්න නම්, එය දේශපාලනමය වශයෙන් තහවුරු කරන්න ඕනා. දෙමළ ඊළමක් අපි ඉල්ලූවෙත් නැහැ. ඉල්ලන්නෙත් නැහැ. ඒ නිසා සිංහල ජනතාව රවට්ටන විදිහෙ දෙමළ ඊළමක් ගැන කතා කරන එක වැරදියි කියලා මම කියනවා. ’’