Gossips

ජනතාවට අපිරිසිදු ආහාර කවන දඹුල්ලේ හෝටලය

හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කලේ ජනතාවට පිරිසිදු භාවයකින් තොරව ආහාර අලෙවි කරනා දඹුල්ල නගරයේ පිහිටි අවන්හලක් පිළිබදවයි.
දින ගණනාවකට ඉහත පිසු බත් අධි ශිතකරණවල තබා ගනිමින් නැවත පාරිභෝගිකයන්ට ලබාදීමට ගබඩා කර ඇති අයුරු එහි ගිය හිරු සී.අයි.ඒ. කණ්ඩායමට දැක ගත හැකි වුණා.
මේ පිළිබදව අප දඹුල්ල නගරාධිපතිවරයාව දැනුවත් කිරීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අවන්හල පරීක්ෂාවට පැමිණියා.