Gossips

ජගත් සංවිධාන සේවකයන්ගෙන් තුනෙන් එකකට ලිංගික හිංසන

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයින්ගෙන් තුනෙන් එකක් විවිධ ලිංගික හිංසනවලට ලක්වී ඇති බවට හෙළිවී තිබෙනවා.
පසුගිය වසර දෙකක කාලය තුළ මෙම සිද්ධීන් වාර්තා වී ඇති බවයි ජගත් සංවිධානය සඳහන් කළේ.
මෙම තත්ත්වය මත ජගත් සංවිධාන මහලේකම්වරයා එහි සේවක, සේවිකාවන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එමගින් ඔහු සඳහන් කර ඇත්තේ මෙම තත්ත්වය වහා වෙනස් කළ යුතු බවයි.