Gossips

ජගත් සංවිධානයේ හිටපු මහලේකම් කොෆි අනන් මානුෂීයත්වය වෙනුවෙන් හඬ නැගූ බව ජනපති කියයි

එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියෙහි හරයන්ට සහ මූලධර්මවලට අනුකූලව වසර 5ක කාල ධුර දෙකකදී ජගත් සංවිධානයට නායකත්වය දුන් කොෆි අනන්, ඉන් ඉවත්වීමෙන් අනතුරුව ද සාමය සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
අභාවප්‍රාප්ත හිටපු මහලේකම්වරයා වෙනුවෙන් වත්මන් මහලේකම් අන්තෝනියෝ ගුටේරස් වෙත ශෝක පණිවුඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඔහු මානුෂීයත්වයේ හෘද සාක්ෂිය වෙනුවෙන් ප්‍රබල හඬක් නැගූ බවයි.
හිටපු මහලේකම් කොෆි අනන් වඩාත් යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා මඟ පෙන්වූ නායකයෙකු ලෙසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හැදින්වූයේ.