ජිනීවාහි පිහිටි ජගත් සංවිධාන කාර්යාලයේ ශ්‍රී ලංකාවේ නව නිත්‍ය නියෝජිතවරයා ලෙස ඒ.එල්.ඒ.අසීස් පත් කර තිබෙනවා.
ඊට අදාළ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජිනිවාහි පිහිටි ජගත් සංවිධාන කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් මයිකල් මොලන් වෙත යොමුකර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මෙරට පිහිටි ජගත් සංවිධාන කාර්යාලය කියා සිටියේ.
මොහු අවුරුදු 26 ක කාලයක් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නිරතව තිබෙනවා.
