Gossips

ජගත් මානව හිිමිකම් කවුන්සිල සැසියට ජනපතිගේ නියෝජිතයින් තුන්දෙනෙක්

ජිනීවා නුවර මේ දිනවල පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් සහභාගි වීමට නියමිතයි.
මෙහිදී ගැටලූ විසදා ගැනීමට ශ්‍රී ලංකාවටම අවස්ථාව ලබාදෙන ලෙසට ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් මොවුන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වනු ඇති.
මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළා.
මේ අතර, ඊ.ටී.අයි ගණුදෙනුව සම්බන්ධයෙන් ජාතික ආර්ථික සභාව මගින් පරීක්ෂණ සිදුකරන බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණයක් අවශ්‍ය නම් දූෂණ වංචා සොයා බැලීම සඳහා දැනට ක්‍රියාත්මක ජනපති කොමිසමට පැමිණිලි කළ හැකි බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
එමෙන්ම, කවුරුන් විරුද්ධ වුවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී යළි අවධාරණය කළේ.