Gossips

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 37 වැනි මහ සභා සැසිවාරය අද ඇරඹේ

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි මහ සභා සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර පිහිටි එම කවුන්සිල මුලස්ථානයේදි අද (26) ආරම්භ වනවා.
මෙම සැසිවාරයේදි ශ්‍රී ලංකාව ඇතුලූ සාමාජික රටවල් 47ක මානව හිමිකම් ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු විසින් වාර්ෂික නිල වාර්තාවක් ඉදිරිපත් කිරිමට ද නියමිතයි.
මෙරට මානව හිමිකම් සුරක්ෂිත කිරීම අතින් මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ ප්‍රගති ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ලබන මාර්තු 21 වනදා ජිනීවා නුවරදී සිදුකිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරක්ෂිත කිරිමට රජය විසින් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග වල ප්‍රගතිය ගැන මානව හිමිකම් කොමසාරිස්වරයාගේ නිරීක්ෂණ පිළිබඳ කරුණු දැක්වීමට මෙහිදී සිදුවනු ඇති අතර එය සභාගත කිරීමටද නියමිතව තිබෙනවා.
ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ප්‍රගති ප්‍රකාශණය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් කරුණු දැක්වීමට ශ්‍රී ලංකා නියෝජිත පිිරිසක්ද ජිනිවා නුවර බලා පිටත්ව යෑමට නියමිතයි.