Gossips

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය ජිනීවා නුවරදී අද ආරම්භ වනවා.
එය ලබන 28 වනදා දක්වා පැවැත්වෙනු ඇති.
ආරම්භක සැසියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් ලෝක මානව හිමිකම් තත්ත්වය ගැන සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මෙහිදී කරුණු වාර්තා කිරීමට ද නියමිතයි.
මෙම සැසියේදී විවිධ රටවල මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සැකසුණු වාර්තා 58 ක් ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.