Gossips

ජගත් මහ සමුළුවට ආ බිළිඳිය (ඡායාරූප)

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ඒර්ඩන් සිය තුන් මස් වියැති බිළිඳිය සමග එක්සත් ජාතීන්ගේ සාම මණ්ඩල සැසියට සහභාගී වීම පිළිබඳ විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.
ඇයගේ සැමියා වන ක්ලාක් ගේෆෝර්ඩ් ද සමගින් සමුලුවට සහභාගී වී සිටි අගමැතිවරිය තම බිළිඳිය සිපගෙන සමුලුව ඇමතු බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
අගමැතිවරියගේ සැමියා විසින් තම බිළිඳියගේ අවසර පත්‍රයේ ඡායාරූපයක් ද අන්තර්ජාලයට නිකුත්කර ඇති අතර එහි බිළිඳා හඳුන්වාදී ඇත්තේ 'First Baby' වශයෙන්.
නවසීලන්ත වත්මන් අගමැතිනිය සැලකෙන්නේ එම ධුරයට පත්වු වයසින් අඩුම කාන්තාව ලෙසටයි.
මේ වන විට ඇයගේ වයස අවුරුදු 38 ක්.
එමෙන්ම ධුරයේ රැඳී සිටින සමයේ දරු ප්‍රසූතියක් සිදු කළ ලොව දෙවන අගමැතිනිය ලෙසට ද ඇය වාර්තා අතරට එක්ව සිටිනවා.
එහි පළමුවැන්නිය වන්නේ පකිස්ථානයේ අගමැතිනිය ලෙසට කටයුතු කළ බෙනාසීර් භූතෝ යි.
ඇය 1990 වසරේදී සිය දරු ප්‍රසූතිය සිදුකර තිබුනේ අගමැතිනිය ලෙසට කටයුතු කරන සමයේදීයි.