Gossips

ජගත් මහලේකම්, කෂෝගි ගැන ඇත්ත සොයයි

තුර්කියේ ඉස්ථාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ඇතුලූවීමෙන් පසු අතුරුදන්ව සිටින නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදී සෞදි ජාතික ජමාල් කෂෝගි සම්බන්ධයෙන් සත්‍යය හෙළි කළ යුතු බව ජගත් මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා.
මේ වනවිට අතුරුදන්වීම් සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙමින් පවතින බවයි ඔහු සදහන් කර ඇත්තේ.
මේ අතර, මාධ්‍යවේදී කෂෝගි සිය ඝාතනය තම ජංගම දුරකථනයෙන් පටිගත කර ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.
එහෙත්, සෞදියේ කිරුළ හිමි බින් සල්මාන් කුමරුගේ ප්‍රබල විවේචකයෙකු වන කෂෝගි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කළ බවට එල්ලවන චෝදනා සෞදි අරාබිය අද නැවතත් ප්‍රතික්ෂේප කළා.