Gossips

ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයෙන් චෝදනාවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් වගකීම් විරහිතව හැසිරෙන බව ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය චෝදනා කරනවා.
එම සංසදය පෙන්වා දෙන්නේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් සැසිවාරයන් තුල පල කරන පදනම් විරහිත අදහස් හෙලා දැකීමට හෝ ඒවාට පිලිතුරු දීමට රජයේ නියෝජිතයන් පසුගිය කාලය පුරා කටයුතු නොකළ බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලයේ 39 වන සැසිවාරය මේ දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙනවා.
සැසිවාරයට එක්ව සිටින එල්ගටීගටීගඊග හිතවාදීන් ශ්‍රී ලංකා හමුදාවන්ට එල්ල කරන පදනම් විරහිත චෝදනා වලට පිලිතුරු දීමට ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් ක්‍රියා නොකිරීමට විරෝධය පල කරමින් ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය අද ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලිපියක් භාර දුන්නා.
මේ අතර අරුණ වරුසහැන්දිගේ මහතා ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව නියෝජනය කරමින් ජිනිවා මානව හිම්කම් සැසිවාරයේ දී අද අදහස් දැක්වුවා.