Gossips

ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ ජිනීවා ප්‍රකාශනය එලි දකී

කරුණු 4 කින් සමන්විත ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ ජිනිවා ප්‍රකාශනය එළිදැක්වීම ඊයේ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී සිදුකෙරුණා.
39 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතරතුර පැවති අතුරු සැසිවාරයකදී එය එළිදක්වනු ලැබූ බවයි ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය කියා සිටියේ.
එමගින් මානව හිමිකම් කවුන්සිලය තුළත් ඉන් පිටතදීත් කොටි හිතවාදීන් ගෙන ගිය මතවාද සියල්ලට පිළිතුරු ලබාදී ඇති බව ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ විධායක කමිටු සාමාජික මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියා.
මේ අතර, ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය සංවිධාන කළ සමාන්තර සැසිවාරයකදී එල්.ටී.ටී.ඊ. හිතවාදියෙකු වන ඩේවිඩ් විලී අදහස් දක්වා තිබූ අතර, රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ මහාචාර්ය චන්න ජයසුමන අදහස් පළ කිරීමත් සමග ඔහු අපහසුතාවට පත්ව තිබුණා.