Gossips

ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය ජිනීවා නුවරට

ලංකාවට එරෙහිව 2015 දී ඉදිරිපත් කෙරුණු 30 / 01 යෝජනාව මුළුමනින්ම ඉවත් කර ගන්නා ලෙස ජිනීවා නුවර මානව හිමිකම් කොමිෂන් සභාවේදී ඉල්ලීමක් සිදුකිරීමට සූදානමින් පසුවන බව ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය පවසනවා.
ඉතාලියේ ඊයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එහි විධායක කමිටු සාමාජික මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ අද සිට සතියක කාලයක් තුළ ස්විට්සර්ලන්තයේ – ජිනිවාහිදී පැවැත්වෙන මානව හිමිකම් කොමිෂන් සභාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වී ඇති කරුණු සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට සූදානමින් සිටින බවයි.