Gossips

ජංගා සහ රොටුඹ අමිල යළි රිමාන්ඩ්

පාතාල නායක කංජිපානි ඉම්රාන් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනුණු අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා සහ අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල ලබන 11 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, සැකකරුවන් අද මාතර සහ මොරවක මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා පසුගිය 29 වන දා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් ආර්. ජයසූරිය වෙත ඉදිරිපත් කළ අතර සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරමින් මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ අද දිනයේ මොහුව මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.