Gossips

ජංගාගේ ඥාති හමුදා නිලධාරියෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ ඔහුගේ සමීපතමයෙකු වූ අනුෂ්ක කවිශාල් හෙවත් ජංගා ගේ ඥාතියෙකු වන හමුදා නිලධාරියෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සේවය කරමින් සිටි අතරතුර අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගත් බවයි උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ජංගාට අයත් මාතර – ගන්දර නිවසේ තිබි යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් 18 ක් සහ ටී-56 උණ්ඩ 23 ක් පොලිසිය ඊයේ සොයාගත්තා.
එම ඇඳුම් ජංගාට ලබා ගැනීම සඳහා මෙම හමුදා නිලධාරියා සහය ලබාදී ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.
ඔහු මේ වන විට අනුරාධපුරයේ සිට මාතර බලා රැගෙන එමින් සිටින බව ද අදාළ උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.
නිවසේ සිටි ජංගා ගේ 82 හැවිරිදි මුත්තණුවන්ද පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත් අතර, ඔහු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.