Gossips

ජංගම දුරකථන සොරකම් කළ තරුණයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට

මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ ජංගම දුරකථන සොරකමේ යෙදුණු තරුණයින් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සතුව තිබී සොරකම් කරන ලද ජංගම දුරකථන 12ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පොලීසිය සඳහන් කළේ පසුගිය මාස කිහිපයේදී මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයකින් හා මාර්ගයේ නවතා තිබු ත්‍රී රෝද රථවලින් දුරකථන සොරකම් කිරීම පිළිබඳව තොරතුරු වාර්තා වූ බවයි.
අත්අඩංගුවට ගත් තරුණයින් අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවනවා.
සිද්ධිය සම්බන්ධයෙන් එගොඩ උයන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.