Gossips

ජංගම දුරකථනය යොදාගෙන මත්කුඩු බෙදු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

හම්බන්තොට – පල්ලෙමලල ප්‍රදේශයේදී ජංගම දුරකථනය යොදාගනිමින් මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 100 ක් සොයා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහු ජංගම දුරකථන සම්බන්ධතා හරහා දීර්ඝ කාලයක සිට මත්කුඩු රට පුරා බෙදා හැර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරු පල්ලෙමලල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා තංගල්ල කොට්ඨාශයේ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයට භාරදී තිබෙනවා.