Gossips

ජංගම දුරකතන ග්‍රාහක සංඛ්‍යාව ඉහළට

2016 වසර වන විට මෙරට ජංගම දුරකථන ග්‍රාහක සංඛ්‍යාව මිලියන 26.23ක් දක්වා වර්ධනය වි තිබෙනවා.
2005 වසරේදි එම සංඛ්‍යාව මිලියන 3.36ක් වූ අතර මෙය සියයට 680 ක වර්ධනයක් බවයි 2016 විගණකාධිපති වාර්තාවේ දැක්වෙන්නේ.
මේ අනුව දුරකථන ඝනත්වය පුද්ගලයින් සියයට 123.7ක් දක්වා වර්ධනය වී තිිබිම විශේෂත්වයක්.
කෙසේ වෙතත් 2011 වසර වන විට මිලියන 3.6 ක් ව පැවති ස්ථාවර දුරකථන සේවා ග්‍රාහක සංඛ්‍යාව පසුගිය වසර වන විට මිලියන 2.55ක් දක්වා සියයට 29 කින් අඩුවි ඇති බවයි අදාල වාර්තාවේ දැක්වෙන්නේ.