ඡන්ද විමසීම ඇරඹේ
පළාත් පාලන ඡන්ද විමසීම අද (10) පෙරවරු 7.00ට ආරම්භ වූ අතර පස්වරු 4.00 දක්වා කාලය තුළ ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිසම පවසයි.
ඡන්ද මධ්‍යස්ථාන 13,374කදී ඡන්ද විමසීම සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පළාත් පාලන ආයතන 340ක් සඳහා සභිකයින් 8356 දෙනෙකු තෝරා පත් කරගැනීමේ අරමුණින් මෙම ඡන්ද විමසීම පැවැත්වේ.
මේ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 44ක් සහ ස්වාධින කණ්ඩායම් 221ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 57,219 දෙනෙකු ඉදිරිපත්ව සිටින බව මැතිවරණ කොමිසම පවසයි.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් එක්කෝටි පනස්හත් ලක්ෂ හැටදහස් අටසිය හැට හත් දෙනෙකු (15,760,867) දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.
සමානුපාතික සහ කොට්ඨාස යන ක්‍රම දෙකෙන්ම සමන්විත මිශ්‍ර ඡංද ඡන්ද ක්‍රමයක් යටතේ මෙම ඡන්ද විමසීම පැවැත්වීම විශේෂත්වයකි.
2017 අංක 16 දරණ පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත යටතේ පැවැත්වෙන මෙම ඡන්ද විමසීම මගින් කොට්ඨාශ පදනම මත බහුතර සභික සංඛ්‍යාක් තෝරා ගැනෙන අතර ඒ ඒ පක්ෂය ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව අනුව සමානුපාතික ක්‍රමය යටතේ අමතර සභික සංඛ්‍යාවක් තේරීපත් වනු ඇත.
ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ මනාප ක්‍රමය මෙම ඡන්ද විමසීමේදී ක්‍රයාත්මක නොවීම විශේෂත්වයකි.
මෙවර ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීම පක්ෂයේ හෝ ස්වාධින කණ්ඩායමේ සලකුණ වෙත පමණක් සිදුකළ යුතු අතර මනාප ප්‍රකාශ කිරීමක් හෝ වෙනත් කිසිදු සටහනක් ඡන්ද පත්‍රකාවේ සටහන් නොකල යුතු බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.