Gossips

ඡන්ද පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට පවතින බව මන්ත්‍රී දිනේෂ් කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා මැතිවරණය පැවත්වීමේ බලතල මැතිවරණ කොමිසමට පවතින බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර, ඊයේ ධුර කාලය අවසන් වූ දකුණු පළාත් සභාවේ මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය මැතිවරණ කොමිසමට අද සංදේශයක් භාරදුන්නා.