Gossips

ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවට අවමානයක්, විදෙස් මාධ්‍ය කියයි

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය වත්මන් යහපාලන ආණ්ඩුවට අවමානයක් බව බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත සදහන් කළා.
එය වත්මන් රජයේ නායකත්වය පරීක්ෂාවට ලක් කිරීමක් ලෙස ද එමගින් හඳුන්වනු ලැබුවා.
එමෙන්ම, මෙමගින් යහපාලන රජයේ නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර සබඳතාව තවදුරටත් පලුදු විය හැකි බව ඩේලි මේල් පුවත්පතේ අදහසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහය ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වත්මන් යහපාලන රජයේ ප්‍රථම පරීක්ෂණයේදී දැවැන්ත ජයග්‍රහණයක් හිමිකරගෙන සිටින බවයි ඉන්දීය එන්.ඩී.ටී.වී ප්‍රවෘත්ති සේවය කියා සිටියේ.
30 වසරක් මෙරට පැවති බෙදුම්වාදී යුද්ධය ජයග්‍රහණය කිරීම් සම්බන්ධයෙන් මෙරට සිංහල – බෞද්ධ ජනතාව හිටපු ජනාධිපතිවරයා වීරත්වයෙන් සැලකීම මෙම ජයග්‍රහණයට මූලික හේතුවක් ලෙස එන්.ඩී.ටී.වී ප්‍රවෘත්ති සේවාව පෙන්වා දෙනවා.