Gossips

ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි බෙදා හැරීම උදෑසන 9 ට

හෙට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා සහ ඡුන්ද පෙට්ටි බෙදා හැරීම අද උදෑසන 9 ට ආරම්භ කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.
ඊට අදාළව ඡන්ද මධ්‍යස්ථාන ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරුන්ගේ පරීක්ෂා කිරීමේ කටයුතුද ඊයේ සිදුකෙරුණා.
එමෙන්ම, ඡන්ද මධ්‍යස්ථානවල පෙරහුරු අද දිනයේදී සිදුකිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.