Gossips

ඡන්ද නාමලේඛනයේ සංශෝධන ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන්

2018 වර්ෂයේ ඡන්ද නාමලේඛනයට අදාළව සංශෝධන ඉදිරිපත් කිරීමට තිබූ කාලය අදින් අවසන් වනවා.
ඒ අනුව අද දිනය තුළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ගොස් ඡන්ද නාමලේඛනය සඳහා අදාළ අභියාචනා සහ විරෝධතා භාරදීම සිදුකළ හැකි බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
අදින් පසු මෙම වර්ෂය සඳහා ඡන්ද හිමි ලේඛනයට අදාළ කිසිදු සංශෝධනයක් භාර නොගන්නා බවද මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා.
හෙට දිනයේ සිට ඉදිරිපත්වී ඇති අභියාචනා සහ විරෝධතා සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පරීක්ෂණ ආරම්භ කර ඔක්තෝම්බර් මස මුල් සති දෙක ඇතුළත මේ වර්ෂයේ ඡන්ද නාමලේඛනය සහතික කිරිමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.