Gossips

ඡන්ද ගණනයේ වැරදි ගැන ඒකාබද්ධය කියයි

පළාත්පාලන මැතිවරණයේ ඡන්ද ගණනය කිරීම්වලදී බරපතල වැරදි සිදුව ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියා.
ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවද මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මේ අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පැය 24ක් තුල ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජයේ සහය ලබාගන්නා ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.