Gossips

ඡන්ද කොමිසමට ලිහන්න බැරි ගැටයක් – සභාපති කණගාටුවෙන්

අධිකරණ ක්‍රියාමාර්ගයකින් හෝ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට අදාළව මතු වී ඇති නීතිමය ගැටළු කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන ලෙස, මැතිවරණ කොමිසම උපදෙස් ලබාදුන් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එහිදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවයි ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ.
මේ අතර, පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේදී කඩිනම් විසදුමකට පැමිණෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ දේශපාලන පක්ෂ නායකයින්ට ලිපියක් මගින් දැනුම් දී තිබුණා.
අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ මැතිවරණ කල්යාම සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව කණගාටුවෙන් පසුවන බවයි.